ගෝඨාගේ ජයග්‍රහණය ඒකාන්තයි! අවසන් සමීක්ෂණයේ ප්‍රතිඵල මෙන්න!

November 7, 2019 at 10:23 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික් 22 අතරින් 16ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාන්ත වශයෙන්ම දැවැන්ත පරාසයක් සහිතව ජයගන්නා බව ජනාධිපතිවරණය පිළිබඳ පවත්වන ලද අවසන් සමීක්ෂණ වාර්තාව අනුව තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

තවත් එක දිස්ත්‍රික්කයක කරට කර තරඟයක් ඇති බවත් ඉදිරි සතිය තුළ එයත් කළමනාකරණය කරගත හැකි වෙතැයි සිතන බවත් පැවසූ මන්ත්‍රීවරයා 2015 වසරේ හංසයා ජයග්‍රහණය කළේ දිස්ත්‍රික් 12ක් පමණක් බව පෙන්වා දුන්නේය.

පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන දිස්ත්‍රික්ක 16 අතරින් දිස්ත්‍රික් 13ක කිසිදු ආසනයක් එජාපයට ජයගත නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස