ජනතාව එක්ව පොහොට්ටු මන්ත්‍රී ගස් බඳිති…!

November 22, 2021 at 10:59 am | by emanisa.lk

මත්පැන් පානය කොට ගල්පාත ප්‍රදේශයේ අශෝබන ලෙස ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි හැසුරුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ප්‍රදේශවාසීන් විසින් ලයිට් කනුවක බැඳ තබා කළුතර උතුර පොලීසියට බාර දෙනු ලැබීය.

මොහු පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන, මන්ත්‍රීවරයකු බව පොලිසිය කීය.

පිරිසක් සමග ගල්පාත ප්‍රදේශයට පැමිණ මත්පැන් පානය කළ මන්ත්‍රීවරය පිරිසෙන් මගහැරී ඇති අතර ගල්පාත, බහුරුපොල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි අශෝභන ලෙස හැසිරී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කීය.

ඒ අනුව ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව කොහු ලණු කැරලි කීපයක් ගෙන අසල ඇති විදුලි කණුවක බැඳ දමා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් ලබාදුන් තොරතුරකට අනුව සැකකාර මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර මන්ත්‍රීවරයාව නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඇති අතර , සිදුකළ පරීක්ෂණවලදී ඔහු මත්පැන් පානය කොට සිටි බවට තහවුරුව ඇතැයි පැවසේ.

සැකකරු අද (22) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස