05 වෙනිදා සිට රටේ ආසාදිතයින් 5000 පැන්නා…! හමුදා නිලධාරියෙක් සහ වෛද්‍යවරු දෙදෙනෙක් දත්ත වෙනස් කළා…! – පොහොට්ටු මන්ත්‍රී හෙළිදරව්වක..

August 13, 2021 at 12:51 pm | by emanisa.lk

කොරෝනා වසංගත ව්‍යාප්තියේ දත්ත වෙනස් කිරීමක් සිදු වෙමින් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් අනාවරණය කරයි.

හමුදාවේ ඉහළ නිලධාරියෙක් හා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් මේ සඳහා සම්බන්ධ වී ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා යුද හමුදාපතිට අවශ්‍ය නම් මෙම පුද්ගලයන් සොයාගත හැකි බවත් පැවසීය.

11 වැනිදා මෙරටින් ආසාදිතයන් 5415ක් වාර්තා වී ඇති බවත් 05 වැනිදා සිට මේ දක්වාම දිනකට ආසාදියන් 5000 ඉක්මවා ආසාදිතයන් වාර්තා වී ඇති බවත් ඔහු කියා සිටියේ ඔහු සතුව තිබූ වාර්තාවක්ද සාක්‍ෂි ලෙස ඉදිරිපත් කරමිනි.

ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස