ජනතාව අපට බලය දුන්නේ එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නෙමෙයි…! මොන ම හේතුවකටවත් කොළඹ නැ. ජැටිය කිසිවෙකුට දෙන්නේ නෑ…! – අගමැති මහින්ද….

January 31, 2021 at 8:45 pm | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ විකිණීමට බදු දීමට හෝ මෙහෙයුම් කටයුතු ඉන්දියාවේ සහ ජපානයේ සමාගම් දෙකකට ලබාදීමට කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

අගමැති මහින්ද රාජපක්ෂ කාල්ටන් නිවසේ දී අද (31) මේ බව සඳහන් කළේ ය.

ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි ඒක කාටවත් දෙන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ. බදු දෙන්නෙත් නෑ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නෙ වෘත්තිය සමිතිත් ඒක දන්නවා.

අපි බොහොම පැහැදිලිව වෘත්තිය සමිතිවලටත් කියන්නෙ දෙනව ද කියලා අපි කිසි විටක ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ. ඒ නිසා ඒ පිළිබඳව ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ. අපි කීයටවත් දෙන්නෙත් නැහැ.

මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩවර්ජන කරන්න දෙයක් නෑ. මට ඇවිල්ලා කිව්වා නම් මම ඇත්ත පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ ඉන්න වැඩි දෙනා ඉන්නෙ විකුණන්න ඕන නෑ කියන පදනමේ.

ජනාධිපතිතුමත් ඒ මතයෙ හැර දේපළ විකුණන මතයෙ නැහැ. දේපල විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයි නේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. ඉතිං එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න නෙමෙයි අපට බලය දීලා තියෙන්නෙ. ඒක බොහොම පැහැදිලිව කියනවා.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස