චණ්ඩින්ට මැරයින්ට රාජ්‍ය බලය උදුර ගන්න අපි ඉඩ තියන්නේ නෑ…! අරගලකාරයෝ ගෝල්ෆේස් පිටිය විනාශ කළා විතරයි…!

August 12, 2022 at 8:03 pm | by emanisa.lk

තමන් පත් කළ පාලකයින් හොරු යැයි කීමෙන් පළක් නැති බවත් දේශපාලකයින් හොරා කන්නේ නම් ඔවුන් කතිරයෙන් ඉවත් කළ යුතු බවත් සමන්ත භද්‍ර හිමි පවසයි.

එසේ නොමැති චණ්ඩින්ට රස්තියාදුකාරයින්ට කැරලිකාරයින්ට රාජ්‍ය බලය උදුරා ගැනීමට තමන් ඉඩ නොතබන බවයි, එහිමියන් ප්‍රකාශ කළේ.

අරගලකරුවන්ට සිය නිවසින් අරගලය ආරම්භ කරන ලෙස තමන් වහන්සේ පැවසූ බවත් සමන්තභද්‍ර හිමි සිහිපත් කරයි.

එහෙත් ඊට ඇහුන්කන් නොදුන් අරගලකරුවන් කිසිදු ජයග්‍රහණයක් නොලබා ගාලු මුවදොර භූමිය ද විනාශ කර යන්නට සිදුවූ බවයි, උන් වහන්සේ අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *