ගෝල්ෆේස් තියෙන්නේ ත්‍රස්තවාදයක්…! පාදිලි මවුලවි කල්ලියක් කරළියේ…! මහ මොළකරු චන්ද්‍රිකා…!

July 26, 2022 at 10:42 am | by emanisa.lk

ගාලු මුවදොර පවතින්නේ අරගලයක් නොව ත්‍රස්තවාදයක් යැයි හිටපු යුද හමුදා නිලධාරියෙකු මෙන් ම lankaenews මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන කීර්ති රත්නායක පවසයි.

රටක ආර්ථික අර්බුදයක් සඳහා මාරාන්තික උද්ඝෝෂණවලින් විසඳුම් සෙවිය නොහැකි බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ඥානසාර, රතන, ඉත්තෑකන්දේ, මාගල්කන්දේ ආදී අන්තවාදී භික්ෂූන් ආර්ථික අර්බුදය සමග යට ගොස් අන්තවාදී පාදිලි, මවුලවි කල්ලියක් මතුව ඇති බවට ද ඔහු චෝදනා කළේය.

රැට්ටා ආදී අරගල නායකයින් ලෙස පෙනී සිටින පිරිස කොට අදින අය බව පවසන කීර්ති රත්නායක, අරගලයේ මහ මොළකරුවන් වන්නේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග සහ හිලරි ක්ලින්ටන් බව අනාවරණය කළේය.

චන්ද්‍රිකාගේ අරමුණ සිංහල බෞද්ධත්වයට නැඹුරු ගෝඨාභය බලයෙන් පහ කිරීම බවත් බුද්ධරක්ඛිත භික්ෂුව විසින් සිය පියා ඝාතනය කිරීම නිසා උපන් කේන්තියෙන් ඈ කටයුතු කරන්නේ යැයි සිතන බවත් ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *