ගෝඨා නවත්තන්න නම් සේනාධිපති දඩයම් කරන්නම ඕන! පාඨලී මංගල රාජිත අනුර රනිල් ඉදිරියේ කීවා! – විජේදාස (video)

June 23, 2020 at 7:47 am | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට පිවිසීම නතර කිරීමට නම් සාක්ෂි ඇතිව හෝ නැතිව ඇවන්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට ගැනීම අනිවාර්ය බවට යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිප දෙනෙකු එකල අධිකරණ ඇමති වූ තමන්ට බලපෑම් කළේ යැයි ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි.

අගමැති ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුවට රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, පාඨලී චම්පක රණවක, මංගල සමරවීර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක, අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් සහභාගී වූ බව ද හෙතෙම අනාවරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ පිටුපස ඇත්තේ නිශ්ශංක සේනාධිපතිගේ මුදල් බලය බවත් මැතිවරණය අවස්ථාවේ ලොරි දෙකක් පුරවා අරලියගහ මන්දිරයට නිශ්ශංක සේනාධිපති මුදල් රැගෙන ආ බවත් එහිදී පාඨලී රණවක පවසා තිබේ.

හිරු සලකුණ රූපවාහිනී වැඩසටහනට එකතු වෙමින් විජේදාස රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේය.

https://www.facebook.com/100009362421616/posts/2739518119703575/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස