රාජිත පාඨලී ඇතුළු යහපාලන ඇමතිවරු මගෙන් කප්පම් ඉල්ලුවා! කප්පම් ඉල්ලූ හඬපට සියල්ල මා ළඟ තියෙනවා! – නිශ්ශංක සේනාධිපති

June 2, 2020 at 10:49 am | by emanisa.lk

යහපාලන රජයේ ඇමැතිවරුන් ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, සරත් ෆොන්සේකා තමන්ගෙන් කප්පම් ඉල්ලා සිටි බවත්, එම කප්පම් ඉල්ලීම් සියල්ල පටිගත කර තිබෙන බවත් ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (01) අනාවරණය කර සිටියේය.

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් එම කරුණු අනාවරණය කළේය.

යහපාලන රජයේ ඇමැතිවරුන් ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, සරත් ෆොන්සේකා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන අය රාජපක්ෂ පවුලට මඩ ප්‍රහාර දියත් කරමින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොකළ වරදකට අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, යන ආයතනවල නිලධාරීන්ට, රජයේ රස පරීක්ෂකවරයාට සහ හිටපු නීතිපති යුවන්ජන් විජේතිලක යන අයට දැඩි බලපෑම් එල්ල කළ බවද ඇවන්ට්ගාඩ් සභාපතිවරයා සාක්ෂි දෙමින් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස