ගෝඨා ජනපති වීමෙන් ඊළාම් සිහිනය මුළුමනින්ම බිඳ වැටුණා! ඊළාම්වාදීහු හඬා වැටෙති……

November 20, 2019 at 7:46 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනපති වීමෙන් ද්‍රවිඩ ඊළාම් රාජ්‍ය සංකල්පය මුළුමනින්ම බිඳවැටුණ බව තමිල්නාඩුවේ පී. එම්. කේ. පක්ෂයේ නායක එස්. රාමදොස් ප්‍රකාශ කරයි.

රාමදොස් තවදුරටත් පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජය ලැබීම මුළු ලොව පුරා සිටින ද්‍රවිඩ ජනතාවගේ බලාපොරොත්තු සුන් වූ බවයි.

ඩී. එම්. කේ. පක්ෂයේ නායක එම්. කේ. ස්ටාලින් ද ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය පිළිබඳව කරුණු දක්වමින් එම ජයග්‍රහණය ද්‍රවිඩයන්ට කම්පනයක් ඇති කළ බව කීවේය.

කොටි හිතවාදී එම්. ඩී. එම්. කේ. පක්ෂයේ නායක වයිකෝ පැවසුවේ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය ද්‍රවිඩ ජනතාවගේ කනගාටුදායක දිනයක් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස