ගෝඨාගෝගම බලය හොරු මං පහරන්නන් කුඩ්ඩන් අතට…! වෙනම පොලිසියකුත් අරින්න වෙන හැඩ..!

June 17, 2022 at 11:12 pm | by emanisa.lk

ගාලු මුවදොර හා අරගල පැවැත්වෙන ස්ථානයේ යතුරු පැදි, ත්‍රිරෝද රථ, ජංගම දුරකතන හා මුදල් සොරා ගැනීමේ සිද්ධින් රැසක් වාර්තා වී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

ගත වු මාස 2 ක කාලය තුළ සිදු මේ ආකාරයේ සොරකම් රැසක් සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිලි ලැබී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.

මේ හේතුවෙන් ගාලුමුවදොර හා විරෝධතා පැවැත්වෙන ස්ථානවල සැරිසැරීමේ දී ජනතාව වඩාත් කල්පනාකාරි විය යුතු බවද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

සොරකම්වලට අමතර ආරවුල්,පහරදීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවද පොලිසිය පවසයි.

පුද්ගලයකු ඊයේ (16) දින පහර කෑමට ලක්ව රෝහල් ගතකර ඇති බවත්, එම පහර දුන් සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු තදින්ම මත්කුඩු වලට ඇබ්බැහි වුවෙක් බවද පොලිසය කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස