කන්න නෑ බොන්න නෑ.. ඇදන් යන්න බෑ…! ගෝඨාගෝගම වසා දැමේ…!

May 26, 2022 at 8:46 am | by emanisa.lk

ගාලු මුවදොර අරගල භූමිය තවත් දින දෙකකින් ඉවත් කර ගැනීමට විරෝධතාකරුවන් සූදානම් වෙයි. ඒ, අරගල භූමියට දින පනහක් ගතවීම පදනම් කර ගනිමිනි.

ඉන් අනතුරුව එදිනම ඔවුන් පාර්ලිමේන්තුව අභියස නව අරගලයක් ආරම්භ කිරීමට නියමිත බවට බුද්ධි අංශ අනාවරණ කර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි දී “225 ම ගෙදර යනු” යන තේමාව යටතේ විරෝධතාවයේ නිරත පිරිස නව අරගලයක් ආරම්භ කිරීමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

පසුගිය සමයේ වාර්තා වූයේ මේ වන විට අරගලය සඳහා ආධාර ලබා දුන් ව්‍යාපාරික ප්‍රජාව ඉන් ඉවත්ව ඇති බවත් බොහෝ කණ්ඩායම් අරගලයෙන් ඉවත්වෙමින් සිටින බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *