ගෝඨාගෝගමට කන්න බොන්න දුන් අය රනිල් අගමැති වුණාම යන්න ගියා..! කලාකාරයොත් මාරු වුණා…! ඉතිරි වුණේ කුඩුකාරයෝ විතරයි…! – අරගලකරුවෝ මාධ්‍ය හමුවක..

May 21, 2022 at 6:46 am | by emanisa.lk

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ ගාළු මුවදොර පවත්වාගෙන යන අරගල භූමියට පසුගිය කාලය තුළ ඊනියා ව්‍යාපාර වූ ප්‍රජාවක් පහසුකම් සැපයූ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසු එම ව්‍යාපාරික ප්‍රජාව එතනින් ඉවත් වී ගිය බව එම අරගල ප‍්‍රධානීන් පවසති.

මෙම විරෝධතා භූමියට අයිතිවාසිකම් කියන බොහෝ පිරිසක් බිහි වී ඇතත් මින් ඉදිරියට අරගල භූමිය ගැන පණිවිඩය ගෙන යන්නේ තම කණ්ඩායම විසින් පමණක් බව ද ඔවුහු අවධාරණය කළහ.

පසුගිය 09 වෙනිදා ප්‍රහාරය අවස්ථාවේ තම ආරක්ෂාවට පැමිණියේ අව වරප්‍රසාදිත කම්කරුවන් කුඩුකාරයින් බව ද ඔවුහු පෙන්වා දුන්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *