ගෝඨාගෝගම දේශපාලනය පරාජය කළ යුතුයි…! #GoHomeGota2022 නිර්මාතෘ අරගල බිමට එරෙහිව සටනට….

May 21, 2022 at 4:19 pm | by emanisa.lk

අද දින පැවැත්වීමට තිබූ Zoom සාකච්ඡාවට සහභාගී නොවන බව කරුණාවෙන් දැනුම් දෙමි.

ගෝල්ෆේස් භූමියේ සිට සජීවීව මුදා හැරීමට නියමිතව තිබූ එයට, ගෝල්ෆේස් භූමියේ සිටින ඇතැම් පුද්ගලයන් දැක්වූ විරෝධතාව නිසා සංවිධායක මණ්ඩලය කල ඉල්ලීම මත මා ඉවත් වුයේමි.

ගෝල්ෆේස් භූමියේ තරම ඉන් ඔබට වඩාත් පැහැදිලි වනු ඇත. නායකයෝ නිර්මාණය කරනු වෙනුවට මිනිසෙකුට නායකයෙකු ලෙස මතු වීමට නොදෙන බලවේග වල තෝතැන්නක් ලෙස එය පත් වී ඇත.

ඔබ අරගලය තුලින් පරාජය කල යුත්තේ දේශපාලකයාම පමණක් නොවේ. හිංසාව පෙරටු කර ගත් මේ අඳුරු බලවේග ද එකසේ රටේ නිදහස සීමා කර තිබේ.

ඔවුන් පිළිබඳවද අපි අවිහිංසාවාදීවම කටයුතු කරමු.

අරගලය තියෙන්නේ මිනිස්සුන්ගේ හිතේ.
හිඳ හිට වැටෙන ඉක්කාවකට අරගලය ලඝු නොකරමු.

පැතුම් කර්නර්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *