මානව හිමිකම් කොමසාරිස් දිනේෂ්ට දිනයක් නොදෙයි!

February 25, 2020 at 10:42 am | by emanisa.lk

ශ්‍රී ලංකාව ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට මුල් වූ කරුණු පැහැදිලි කිරීම සඳහා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් සමග සාකච්ඡාවක් ඉල්ලා ඇතත් ඇය මෙතෙක් ඒ සඳහා දිනයක් නියම කර නැත.

මානව හිමිකම් කොමසාරිස්වරිය පෙබරවාරි 27 දා ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාව සම්බන්ධව සිය වාර්තාව ප‍්‍රකාශයට පත් කරනු ඇත. මේ වාර්තාවේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීම ගැන ද ඇය සඳහන් කර තිබේ.

ජිනීවා මානව හිමිකම් සමුළුවේ 43 වැනි සැසිවාරය ඊයේ (24) ආරම්භ වූ අතර රටවල් 47ක් ඊට සහභාගි වෙයි. මින් රටවල් 6 ක් ශ්‍රී ලංකාවට පක්‍ෂව ක්‍රියාකරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස