ගුරුවරියන්ට සාරි ඇඳං එන්න බෑ…! පින්ලන්තේ වගේ ඩෙනිම ඕන..! – ස්ටාලිං..

November 1, 2022 at 4:05 pm | by emanisa.lk

රජයේ සෙසු සේවාවලට මෙන් කැමති ඇඳුමක් ඇඳගෙන පාසලට පැමිණීමට ගුරුවරියන්ට අවසර දිය යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලිං පවසයි.

දැඩි ආර්ථික දුෂ්කරතා නිසා සාරි මිල දී ගැනීම සඳහා විශාල වියදමක් දැරිය නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.

පවතින ප්‍රවාහන දුෂ්කරතා නිසා ගුරුවරියන් පාපැදි යතුරු පැදි භාවිත කරන බැවින් සාරිය අපහසු ඇඳුමක් බව ද ස්ටාලිං සඳහන් කරයි.

පින්ලන්තය වැනි දියුණු අධ්‍යාපනයක් ඇති රටවල ගුරුවරියන්ගේ ඇඳුම් නිරීක්ෂණය කිරීමෙන් එය කාර්යක්ෂ ලෙස සේවය කිරීමට පහසුවක් බව තහවුරු වන බවයි, හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *