විදුහල්පතිකම සැමියාගෙන් බිරිඳට – බිරිඳගෙන් නෑනාට – දෙමාපියෝ පාරට!

February 12, 2019 at 5:15 am | by admin

වරකාපොල අඹේපුස්ස මහා විද්‍යාලයේ විදුහල්පති ධුරය සැමියාගෙන් බිරිඳට ගිය බවත් දැන් එය නෑනාට ලබා දීමට සැලසුම් කරන බවත් පවසමින් එම පාසලේ සිසුන්ගේ දෙමාපියෝ පසුගියදා උද්ඝෝෂණයක නිරත වූහ. දේශපාලන බලවතුන්ගේ ආධාරයෙන් සිදු කරන මෙම ක්‍රියාව නිසා සිසුන් 2000ක් පමණ සිටි පාසලේ සිසුන් ගණන 400 දක්වා පසුගිය කාලයේ පහත වැටුණු බවට ද ඔවුහු චෝදනා කරති.

සිය නෑනා නියෝජ්‍ය විදුහල්පති කිරීමට පාසලේ කටයුතු මැනවින් සිදු කරමින් සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා මාරු කර යැවීමට දැන් සැලසුම් කරන බව ද පාසලේ අධ්‍යාපන කටයුතු බිඳී වැටී ඇති බව ද ජනතාව පෙන්වා දෙති. නෑනා එම තනතුරට පත් කර තමා විශ්‍රාම යන විට ඈ විදුහල්පති ධුරයට පත් කිරීම සැලසුමය.

පවුල්වාදය නිසා සිය පාසල විනාශ වී ඇති බවත් විදුහලට ආදරෙයන් වැඩ කරන නියෝජ්‍ය විදුහල්පති මාරු කිරීමට තමන් විරුද්ධ බවත් ජනතාව පවසති. විෂයභාර ගුරුවරු මාරු කළ බවටත් දෙමළ විෂය සඳහා ගුරුවරයකු ලබා දීමට කටයුතු නොකළ බවටත් ඔවුහු වත්මන් විදුහල්පතිනියට චෝදනා කරති.

මෙම විරෝධතාව පැවැත්වෙන අවස්ථාවේ කෑගල්ල අධ්‍යාපන කාර්යාලයේ නිලධාරි මහතුන් පිරිසක් පැමිණ උද්ගත වී ඇති ප‍්‍රශ්නය පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස