පෞද්ගලික පාසල් 400ක වැටුප් ගෙවන්න මිලියන 160ක් වෙන් කළ ආණ්ඩුව රජයේ ගුරු වර්ජනයේ පාඩුව ගණනය කරයි!

March 13, 2019 at 5:48 pm | by admin

අද දිනයේ පැවති ගුරු, විදුහල්පති විරෝධය නිසා දරුවන් ලක්ෂ 43කගේ අධ්‍යයන පැය දෙකෝටි පනස් අට ලක්ෂයක් (25,800,000) දරුවන්ට අහිමි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කරයි.

වර්ජනය නිසා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වූ බව එහි සඳහන් වෙයි. කෙසේ වුවද අද දින පාසල් නොපැමිණෙන ලෙස ගුරුවරුන්ට තර්ජනය කර තිබූ බව ද එම ලිපියෙන් පෙන්වා දෙයි.

වැටුප් විෂමතා ඇතුළු ගැටලු මුල් කර ගනිමින් ගුරු – විදුහල්පති වෘත්තිය සමිති කිහිපයකට අයත් ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ හේතුවෙන් දිවයින පුරා පාසල්වල අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල විය. ඇතැම් පාසල්වලට පැමිණි දරුවන් නැවත නිවෙස් වෙත පිටත් කර හරින ලද බව ද වාර්තා විය.

රජයේ ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට අවධානය යොමු නොකර පාඩුව ගණනය කරන ආණ්ඩුව පසුගියදා පෞද්ගලික පාසල් 400ක ගුරු වැටුප් ගෙවීම සඳහා රු. මිලියන 160ක් වෙන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *