මම ගුරුවරුන්ගෙන් ගොඩක් ගුටි කාලා මේ වගේ හොඳ කෙනෙක් වුණේ! – ජනපති (video)

March 12, 2019 at 12:35 pm | by admin

සිළුමිණ පුවත්පතේ මුල් පිටුවේ මම කැබිනට් ඇමතිවරයෙක් විදිහට මගේ විදුහල්පතිතුමාට දණ ගහලා වඳින ඡායාරූපයක් පළවූ බවත් ඒ පිළිබඳ කතුවැකියක් ද ලියවුණු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

මාතර කොකාවල මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සමරුවට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ගුරුවරුන් 99%ක්ම දරුවකුට දඬුවම් ලබා දෙන්නේ ඒ දරුවා යහමඟට ගැනීමේ අරමුණින් බව ද පොළොන්නරුව නගරයේ තම පාසලේ විදුහල්පතිවරයා තමා පන්තියේ කෑ ගැසුවේ යැයි වේවැලකින් නොසෑහෙන්න තැලූ බව ද ජනාධිපතිවරයා පවසයි. එවැනි දඬුවම් නිසා තමා යහපත් පුද්ගලයකු වූ බව ද හෙතෙම පවසයි.

එහෙත් තමන්ට විදුහල්පතිතුමා පහර දුන් බව දෙමාපියන්ට නොකී බව ද එසේ කීවේ නම් තමන්ට නැවත ගුටි කෑමට සිදුවනු ඇතැයි ද ජනාධිපතිවරයා සිහිපත් කළේය. එහෙත් අද වන විට ළමයකුට ගුරුවරයෙක් දඬුවමක් ලබා දුන් විට පොලිසි යන බව ද මානව හිමිකම් නඩු වැටෙන බව ද හෙතෙම අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස