මහර බන්ධනාගාර ගැටුම සිදුවන අවස්ථාව වන විට එහි ඇතැම් රැඳවියන් වෙත කඩු ලැබී තිබුණු බව ගැටුමට පෙර අවස්ථාවක් හා සම්බන්ධ වීඩියෝවක් මගින් අනාවරණය විය.
ගැටුමට පෙර දින බන්ධනාගාරය වෙත පැමිණි බස්නාහිර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බන්ධනාගාරයට කඩු ගෙනැවිත් ඇති බවට රැඳවියෙකු පැමිණිලි කරනු එම වීඩියෝවේ දැකගත හැකි ය.
එසේ ම ගැටුම අවස්ථාවේ ප්‍රහාරයට ලක් වූ රැඳවියෙකු ද පවසන්නේ රැඳවියන් පිරිසක් තමන්ට එළව එළවා කඩුවලින් පහර දුන් බව ය.
https://www.youtube.com/watch?v=yKItmLsxiOQ&feature=emb_logo