ගල් වැලි පස් පර්මිට් දේශපාලන ඥාතීන්ට දෙන්නේ නෑ! – අමරවීර

September 2, 2020 at 7:59 am | by emanisa.lk

දේශපාලනඥයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද ගල්, වැලි සහ පස් බලපත‍්‍ර ලබාදීම නතර කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. 

වැල්ලවාය, කොටිගම්බොක්ක තිරිවානා නිදිය අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ නිරීක්‍ෂණයට ලක් කිරීමෙන් පසු මාධ්‍ය අමතමි මෙම අදහස් පළ කළේය.

දැනට ශ‍්‍රී ලංකාවෙන් සොයාගෙන ඇති විශාලතම තිරිවානා නිදිය මෙය බව පැවසෙයි.

මෙම තිරිවානා නිදිය බිලියන ගණනක වටිනා සම්පතක් වන අතර ඉකුත් සමයේ අනවසරයෙන් මෙහි ගල් ඉවත් කර තිබිණි.

රජය මැදිහත් වී මෙහි යම් සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේ දී කැබිනට් මණ්ඩලයත් සමග සාකච්ඡා කර තීන්දුවක් ගන්න බවද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී කියාසිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස