ගම් පිටින් ලොක්ඩවුන් කරන්නේ කොරෝනා නිසා නෙමෙයි…. අපේ පාක්ෂිකයින්ගෙන් පළි ගන්න….! – මරික්කාර්…

January 24, 2021 at 10:01 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණවලින් තහවුරු වන සියලු දෙනාට ඒ බව සහතික කරමින් සෞඛ්‍ය අංශ මගින් වෛද්‍ය සහතිකයක් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

එවැනි සහතිකයක් ලබා නොදීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ද සමගි ජන බලවේග මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

කොළඹ මරදාන, මාළිගාවත්ත, මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, දෙමටගොඩ ආදී ප්‍රදේශ මාස තුනක් තිස්සේ වසා ගෙන සිටියේ සමගි ජන බලවේගයට ඡන්දය ලබා දුන් ජනතාව පීඩාවට පත් කිරීමට ද යන සැකය තමා තුළ ඇතැයි ඔහු පවසයි.

එසේ ම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ කොරෝනා එන්නත ලංකාවට ගෙන එන්නේ නම් එම සංවිධානයේ නිර්දේශ අනුව භූමදානයට ඉඩදිය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස