පසුගිය මාස 12ක කාලය තුළ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථා සහ තෙල් පර්යන්ත ගබඩා සේවකයින්ට රුපියල් කෝටි 400කට අධික අතීකාල දීමනා ගෙවා ඇතැයි වාර්තා වෙයි.
දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපා ඇති ඛනිජ තෙල් සංස්ථා පාලනාධිනාරිය මෙම අතීකාල සීමා කිරීමට උත්සාහ කළ ද එහි වෘත්තීය සමිතිවල දැඩි බලපෑම් නිසා එය අසාර්ථක වී ඇත.
මෙහි සේවකයින්ට මාසිකව වැටුප් ලෙස රු. කෝටි 52ක් අතීකාල සහ අනෙකුත් දීමනා සඳහා තවත් රු. කෝටි 35ක් පමණ ද ගෙවීමට සිදුව තිබේ.
පැය 48 සේවා මුර ක්‍රමය සහ නිවාඩු දිනවල සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබා දීම මෙතරම් විශාල මුදලක් සේවක වැටුප් දීමනා ලෙස ගෙවීමට හේතුව බව ඛනිජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.