කොළඹ පරිසරය සංරක්ෂණය කරලා ලස්සන කළේ මමයි…! කොළඹ ඉඳන් පරිසර කිඹුල් කඳුලු හෙළන අය කළ දෙයක් නෑ…! – ජනපති…

March 20, 2021 at 1:03 pm | by emanisa.lk

ග්‍රාමීය ජනතාව සාම්ප්‍රදායිකව වගා කටයුතුවල නිරත වූ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීම යනු ජනතාවගේ ඉඩම් රජය විසින් කොල්ලකෑමක් බවත් තමන් කටයුතු කළේ එම වරද නිවැරදි කිරීම සඳහා පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

“ජනතාව යම්කිසි ජනාධිපතිවරයාට ම කිව්වම මම ඒකට යම්කිසි ක්‍රියාදාමයක් කළේ නැත්නම් ඒකෙන් වැඩක් නැහැනෙ. එතකොට ගිය හැමතැනම ජනතාව කියපු දෙයක් තමයි මේ සිතියමකින් ගත්ත එකක්ම කෙළින්ම ගිහිල්ලා ක්‍රියාත්මක කිරීම නිසා ජනතාව පාරම්පරිකව භාවිත කළ ඉඩම්වල ඒගොල්ලො වන රක්ෂිතය හැටියට ගල් දැම්මා කියන එක. මම කිව්වා නිලධාරීන්ට මේක ප්‍රායෝගිකව ගිහින් බලලා මේක හරිගස්සන්න කියලා. ඉතිං ඒක ජනතාව වෙනුවෙන් හැමතැනම ඉල්ලපු දෙයක් මම ක්‍රියාත්මක කරන්න කිව්වෙ.

සෝමාවතියෙ තියෙන කැලෑවක් කපන එකයි මේකයි අතරෙ කිසිම සම්බන්ධයක් නෑනෙ. එතන කැලෑවක් කපනවා නම් ඒකට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒකයි මේකයි අතරේ කිසිම සම්බන්ධයක් නෑ. ඉතිං බොහෝ වෙලාවට අපි කළයුතු දේ කඩාකප්පල් කරන්න වැරදි මත ගේනවා. අරක ක්‍රියාත්මක කළා නම් අපේ 74%ක් පමණ වන ග්‍රාමීය ජනතාවට වෙන සුබසිද්ධියක් නෙ. දැන් ඇත්තටම ජනතාවගේ ඉඩම් රජය විසින් කොල්ලකෑමක් කරලා තියෙන්නෙ. ඒවා නිවැරදි කරන්න ඕනෙනෙ. රජයක් හැටියට ජනතාව රාජ්‍ය නායකයාටම මේක කියනවා නම් මට ඇහුන්නෑ කියලා නිකම් ඉන්න පුළුවන්ද ?

කිරි නිෂ්පාදනය වැඩිකරන්න අපි සහනත් දෙනවා. අපට කිරි නිෂ්පාදනය වැඩිකරන්න පුළුවන්, ගවයන්ට තණකොළ කන්න තැනක් නෑ. දැන් තෘණ භූමි හොයලා දෙන්න ගියාම එතනත් ගහනවා පරිසරය විනාශ කරනවා කියලා. මේවා ප්‍රායෝගිකව බලලා අපි විසඳුමක් දෙන්නෙ නැත්නම් වැඩක් නෑනෙ. එක්කො අපි තෘණ භූමි හොයලා දෙන්න ඕනෙ, නැත්නම් මම කියන්න ඕනෙ අපි කිරිපිටි ගේනවා කියලා. මේ දෙකෙන් එකක් කරන්න එපැයි.

දැන් මම අර ගම සමග පිළිසඳරක් කියලා ගමට යන එකට ගහන තරම් බලන්න. රාජ්‍ය නායකයා ගමට ගිහින් ගමේ මිනිස්සුත් එක්ක කතා කරන එක නවත්තන්න තමයි මේ පහර ගහන්නෙ.

ඇත්තටම හාමුදුරුවනේ, මේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල, යුද්ධෙන් පස්සෙ පරිසරය ආරක්ෂා කරගන්නට වැඩ කළේ මම විතරයි ලේකම්වරයා හැටියට. වෙන කිසිම පරිසර සංවිධානයක්වත් කිසිම රජයක්වත් කිසිම දෙයක් කරලා නෑ. මම හාරලා ආරක්ෂා කරගත්තු පහත්බිම් ගිය ආණ්ඩුව කාලෙ ආපහු ගොඩකළා. පරිසරය හා සම්බන්ධයිනෙ. අපේ රටේ තියෙන තෙත්බිම්, ජලාශ, ගංගා. දැන් කොළඹ නගරයේ ම මම ජලාශ තුනක් හැදුවා අපේ කාලෙ. හැබැයි කිසිම පරිසර සංවිධානයක් කිසිම දෙයක් කරලා නෑ, ඒගොල්ලො කතා කරනවා විතරයි. හැබැයි දැන් පරිසරය ගැන කතා කරනවා.”

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවැති බෞද්ධ උපදේශක කාරක සභා රැස්වීම අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස