කොළඹ ගම්පහ පැති කිහිපයක් ඇරෙද්දි කළුතර පැති හයක් වසා දමයි!

November 22, 2020 at 10:26 am | by emanisa.lk

කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, කොටුව, වැල්ලම්පිටිය හා කොම්පඤ්ඤ වීදිය යන ප්‍රදේශ හා ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත හා ජා ඇළ ප්‍රදේශ හුදෙකලා කිරීම් හෙට උදෑසන 5ට අවසන් කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එසේ වුවද බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසමේ සහ කොම්පඤ්ඤවීදියේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම නැවත දැනුම් දෙන තුරු හුදෙකලා තත්ත්වයේ පවතින බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බෝගහවත්ත, බමුණුමුල්ල, කිරිමන්තුඩාව, කෝරාවල, අටළුගම හා ගලගහ මණ්ඩිය යන ග්‍රාම නිලධාරී කොට්ඨාස මේ මොහොතේ සිට හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *