ඒලියන්ත කියන්නේ සිංදු කිය කිය හිටි කොල්ලෙක්! මුට්ටිය ගඟට දැම්මා ම කොරෝනා මරණ ඩබල් වුණා! – රංජන්

November 14, 2020 at 9:25 am | by emanisa.lk

කොරෝනා මර්දනය සඳහා එක්ව සිටින ඒලියන්ත වයිට් යනු ඉමේෂ් රංගන නමින් ගීත ගායනා කරමින් සිටි අයෙකු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසයි.

රංජන් රාමනායක මේ බව පැවසුවේ ඊයේ (13) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.

“සෞඛ්‍ය ඇමතිතුමිය එක්ක කවුද යන්නේ ? ඩොක්‍ටර් වයිට්. මෙතන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිනිය ඉන්නවා, එතුමිය සැබෑ වෛද්‍ය උපාධිය තියෙන දොස්තර කෙනෙක්. අපෙ මහාචාර්ය ජයසුමන ඉන්නවා. අන්න ඩොක්ටර් වයිට්. අපි එක්ක සිංදු කිය කියා ජෝතිපාලට පිළිතුරු ගී කිය කියා හිටිය ඉමේෂ් රංගන කොලු ගැටයා, ජම්බුගස්මුල්ලේ.

මූ කියනවා මූ හිටියෙ හිමාලයේ ලු. මං දන්න විදියට මූ හිටියෙ ජම්බුගස්මුල්ලේ. දැන් අපේ ගරු ඇමතිතුමියට දෙනවා කළයක්. ඒ ඇමතිතුමිය ඒක අරන් ගිහිල්ලා ගඟේ දබොස් ගාලා අතාරිනවා. ඇයි ඇමතිතුමිය ඒ වගේ වගකීමක් නැති දේවල් කරන්නෙ ? මුට්ටිය අතෑරියෙ කවදාද ? නොවැම්බර් 1 වෙනිදා. ඔක්තෝබර් 31 වෙනිදා රෝගීන් 10634යි, මරණ 20යි. නොවැම්බර් 12 රෝගීන් 15627යි මරණ 48යි.

දැන් මරණ 20 ඉඳන් මේ මුට්ටිය දැම්මට පස්සේ 48 වෙලා. මළ කෙළියයි. එතකොට කොහෙද මේ විශ්ව ශක්තිය? මොහු බෙහෙත් කරලා නෙට්බෝල් ක්‍රීඩිකාවක් මැරුණා. මෙවැනි හොර වෙද්දු රාජකීය වෛද්‍යවරු කරලා ඒ මුට්ටිය ගැන ඔබතුමිය දරන විශ්වාසය මොකක්ද ? අනිත් එක කටවහලා දැම්මෙ ඒ මුට්ටියත් ගඟට”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස