කොවිඩ් අවදානම තවමත් එහෙමමයි…! පරීක්ෂණ ලක්ෂයක් කළොත් ලෙඩ්ඩු 10 000ක් එයි…! අපි හෙට වර්ජනය කරනවා…! – සමන් රත්නප්‍රිය…

October 7, 2021 at 8:14 pm | by emanisa.lk

දිනකට කොවිඩ් රෝග පරීක්ෂණ ලක්ෂයක් කරන්නේ නම් රෝගීන් දස දහසක් සොයාගත හැකි බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ ඔවුන්ගේ දරු පවුල් වෙත පවතින අනතුරු තවම පහව ගොස් නැති බව ද ඔහු සඳහන් කරයි.

එසේ ම සෞඛ්‍ය අංශවල පවතින පුරප්පාඩු පිරවීම නොකර සේවකයින්ගෙන් ගෙවීමක් නොමැතිව අතිකාල සහ අමතර සේවා ලබා ගත්ත ද ඒ සඳහා ගෙවීමක් නොමැති බව ද රත්නප්‍රිය පෙන්වා දෙයි.

මෙවැනි පසුබිමක රු. 7500ක අවදානම් දීමනාව කපා හැරීම සිතාගත නොහැකි බවත් හෙට උදෑසන 07 සිට දහවල් 11 දක්වා සියලු රෝහල්වල වර්ජනයක් දියත් කරන බවත් ඔහු පවසයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස