සෞඛ්‍ය වර්ජන මැද එන්නත්කරණ බරත් හමුදාව කරට ගනී….! රට පුරා හමුදා රෝහල්වලින් ජනතාවට කොවිඩ් මර්දන එන්නත….!

July 5, 2021 at 8:16 am | by emanisa.lk

ත්‍රිවිධ හමුදාවට අයත් රෝහල්වල දී සාමාන්‍ය ජනතාවට කොවිඩ් එන්නත් ලබා දීම අද (05) ආරම්භ කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය තවත් වේගවත් කිරීම සඳහා මෙම තීරණයට එළඹ තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත තුළ පිහිටි රෝහල්වල දී වයස අවුරුදු 30 ඉක්ම වූ ඕනෑම පුද්ගලයෙකුට එන්නත් ලබ ගැනීමේ හැකියාව තිබේ. පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා එන්නත්කරණ මධ්‍යස්ථාන විවෘතව පවතී.

ප්‍රධාන එන්නත්කරණ වැඩසටහන නාරාහේන්පිට යුද හමුදා රෝහලෙන් ආරම්භ කර අතර වේරහැර හා පනාගොඩ රෝහල්වලද එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවා ඇත.

මීට අමතරව කොළඹ ගුවන්පුර ගුවන් හමුදා රෝහල, රත්මලාන, කටුනායක, ඒකල ගුවන් හමුදා කඳවුරු සහ වැලිසර නාවික හමුදා කඳවුර ආශ්‍රිතව ද එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

බස්නාහිර පළාතෙන් පිට හමුදා රෝහල් කිහිපයක දී වයස අවුරුදු 60 ඉක්ම වූ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට එන්නත් ලබාදීම ද අද දිනයේදී ආරම්භ වේ. මාතර යුද හමුදා කඳවුර, ගාල්ල කොටුව යුද හමුදා කඳවුර, අනුරාධපුර වික්ටරි යුද හමුදා රෝහල, දියතලාව යුද හමුදා රෝහල, කිලිනොච්චි, මුලතිව් හා යාපනය යුද හමුදා රෝහල් එන්නත්කරණය සඳහා විවෘත කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස