කොරෝනා සුවපත් පිරිස 70% ඉක්මවයි! ප්‍රතිකාර ලබන පිරිස 536ට බසී!

June 15, 2020 at 3:39 pm | by emanisa.lk

අද (15) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 55 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1342 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ (14) දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1889 දෙනෙකු දක්වා ඉහළ ගොස්  තිබුණි.

ඒ නාවික හමුදා සාමාජිකයින් පස්දෙනෙකු වෛරස ආසාදිතයින් බවට හඳුනා ගැනිමත් සමඟය.

තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 536 ක් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස