කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රට වැසියාට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයක ම රතන සූත්‍රය සජ්ඣායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහා සංඝරත්නයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.
කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකය ම දැඩි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී තිබේ.
එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින්, දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සිදු වෙයි.
මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ දිවයිනේ සියලුම විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍ර සජ්ඣායනා කරමින් රටටත්, ලෝකවාසී සියලු ජනයාටත් ආශිර්වාදය හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙස අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් ඉල්ලා සිටියි.