සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ එවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් රෝහල් ගතවීමට යාමේදී වෙනත් පුද්ගලයින්ට රෝගය ව්‍යාප්ත කරන රෝග වාහකහයෙක් වීමේ අවධානමක් ඇති බව ය.
මෙම අංකයට ඇමතුමක් ලබා ගත්ට විට අදාළ රෝගියා සිටින ස්ථානයට විශේෂ සෞඛ්‍ය කණ්ඩායමක් පැමිණ රෝගියා පරික්ෂා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම පවසයි.
මේ වන විට ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වෛරස් ප්‍රභේදයේ ඇති වෛරස ප්‍රමාණය ඉතා විශාල බැවින් සුළු කාලයක් තුළ දී එය වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇති බැවින් ජනතාව සෑම විට ම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉල්ලීමක් කළේ ය.