කොරෝනා මැද ද. ආසියාවේ මුලින්ම මැතිවරණය ලංකාවේ! සෞඛ්‍ය ක්‍රමවේද විශ්වාස කළ ජනතාවට ස්තූතියි! – ජනපති

August 5, 2020 at 11:02 pm | by emanisa.lk

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද කෙරෙහි විශ්වාසය තබමින් මහා මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය ස්තූතිය පළකර තිබේ.

“අද (5) පැවති මහ මැතිවරණයේ දී 71% ආසන්න ඡන්දදායකයින් පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කර ඇත. COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහා මැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව අපගේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන මම ස්තූතිවන්ත වෙමි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස