කොරෝනා මැද ඉන්දීය ධීවරයන් අනවසරයෙන් ලංකා මුහුදේ! – උතුරේ ධීවරයෝ අගමැතිට කියති….

September 26, 2020 at 6:43 am | by emanisa.lk

ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල යෙදීම වැඩි වී ඇතැයි උතුරේ ධීවර සංවිධාන අගමැති මහින්ද රාජපක්ෂට පැමිණිලි කර තිබේ.

ඊයේ (25) උතුරේ ධීවර සංවිධාන අරලියගහ මන්දිරයේ දී හමු වී සිය ගැටළු පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවේ මේ බව පවසා තිබේ.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට නොගැනීම නිසා නීති විරෝධී ධීවර කටයුතු ඉහළ ගොස් ඇති බව එම ධීවර සංවිධාන පෙන්වා දී තිබේ.

එහි දී මෙම ගැටළුව අද (26) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග සිදුකරන වීඩියෝ සමුළුවේ දී සාකච්ඡා කිරීමට අගමැතිවරයා පොරොන්දු වී තිබේ.

එසේ ම අනවසරයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට පැමිණෙන ඉන්දීය ධීවරයන්ට එරෙහිව නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ද අගමැතිවරයා පොලිසියට නියෝග කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස