කොරෝනා මරණ සඳහා නොමිලේ මිනී පෙට්ටි! – මුස්ලිම් සංවිධානයක් ඉදිරිපත් වෙයි…..

November 30, 2020 at 11:08 am | by emanisa.lk

කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ දේහ සඳහා නොමිලේ මිනි පෙට්ටි ලබාදීමට මුස්ලිම් ස්වේච්ඡා සංවිධානයක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

‘Shihara Janaza Foundaton’ නමැති මෙම ස්වේච්ඡා සංවිධානය විසින් කොවිඩ් වැළඳී මිය යන ඕනෑම ජාතියකට හෝ ආගමකට අයත් අඩු අදායම්ලාභීන්ට නොමිලේ මිනී පෙට්ටි ලබා දෙන බව එම සංවිධානයේ නිර්මාතෘ හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන් පවසයි.

මිනී පෙට්ටි ලබාදීම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශය මත කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදාදීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

මෙම මිනී පෙට්ටියක වෙළඳපොළේ සාමාන්‍ය වටිනාකම රුපියල් 35,000 ක් පමණ වෙයි.

පසුගිය සමයේ කොරෝනා නිසා මරණයට පත්වන සිය පවුලේ සාමාජිකයා වෙනුවෙන් මිනී පෙට්ටියක් මිලට ගැනීමට නොහැකි නිසා ඇතැම් කණ්ඩායම් දැඩි අපහසුතාවට පත්ව තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *