අපට කොරෝනා පෙන්නලා ඡන්දේ කල්දාන්න ඕන නෑ! නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට්ටුව නැතිව ඡන්ද කරන්න අමාරුයි! – මැකො

July 16, 2020 at 10:43 am | by emanisa.lk

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මහ මැතිවරණය පැවැත්වීම අපහසු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (15) මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එම ගැසට්ටුව නොමැතිවීමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් විශාල ගැටළුවකට මුහුණදී ඇති බව සභාපති දේශප්‍රිය සඳහන් කළේය.

කොරෝනා තත්ත්වය මුල් කර ගනිමින් මැතිවරණය කල්දැමීමට මැතිවරණ කොමිසමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද එහිදී මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළේය.

මැතිවරණ කොමිසමේ ඉල්ලීම ඇඳිරි නීතිය පැනවීම හෝ ලොක්ඩවුන් කිරීම නොවන බවත් මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *