කොරෝනා නැවත ආවේ 20 නිසා! විස්ස නැත්නම් කොරෝනත් නෑ! අලුත් ව්‍යවස්ථාව ආවොත් ආයේ කොරෛා්නා එයි! – කරූ

October 29, 2020 at 2:28 pm | by emanisa.lk

කොරෝනා වෛරසය නැවත හිස එසවූයේ 20 වෙනි සංශෝධනය පිළිබඳ සාකච්ඡාව නිසා වෛරසය පිළිබඳ අවධානය අඩු වූ නිසා බව හිටපු කතානායක සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමේ තබා ඇති සටහනක් මෙසේ ය.

“විසි වන සංශෝධනය පිළිබඳව සාකච්ඡාව හේතුවෙන් කොරෝනා අවදානම ගැන අවධානය අඩු විය. ප්‍රතිඵලය වූයේ, වෛරසය යළි හිස එසවීමයි.

නව ව්‍යවස්ථාවක් ගැන සංවාදය ආරම්භ වූ විට මීටත් වඩා දැඩි ලෙස සමාජය බෙදී යනු ඇත. ජන නායකයන්ගේ වගකීම ජනතාවගේ සාමූහිකත්වය ප්‍රවර්ධනය මිස පුද්ගලික අරමුණු ජය ගැනීම නො වේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස