කොරෝනා ආසාදිතයින්ගෙන් රෝහල් පිරෙයි….! ඉඩකඩ නැතිව ගම්පහ ආසාදිතයින් 40ක් නිවෙස්වල…!

January 22, 2021 at 8:19 am | by emanisa.lk

සති දෙකක කාලයක සිට ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිත රෝගීන් හතළිස් දෙනකු පමණ නිවෙස්වලට වී සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ රෝහල්වල ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා මෙලෙස කොවිඩ් ආසාධිත රෝගීන්ට නිවෙස්වලම රැඳී සිටීමට සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් රෝග ව්‍යාප්තිය සිදුවීමේ අවදානමක් ඇති බවද එම නිලධාරීහු අනතුරු අඟවති.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව එකොළොස් දහස් පන්සිය ඉක්මවා ගොස් ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස