සාගර කාරියවසම්ලට තීන්දුවක් ගන්න වෙයි…! තෙල් මිල නැග්ගූ උදයට සජබෙන් විශ්වාසභංගයක්….!

June 16, 2021 at 2:21 pm | by emanisa.lk

කොවිඩ් වසංගතය හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක ඉන්ධන මිල වැඩි කර ජනතාව අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

මේ යෝජනාව කතානායකවරයාට අද හෙට ම භාරදීමට නියමිතව ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි

විශ්වාසභංග යෝජනාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම අද (16) සිට ආරම්භ කෙරුණු බව සමගි ජන බලවේගය පවසයි.

ඇමති උදය ගම්මන්පිලට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය පෙරේදා (15) තීරණය කළේය .

මේ විශ්වාසභංග යෝජනාව නොපමාව විවාදයට ගන්නැයි සමගි ජන බලවේගයේ නායකයන් ලබන සතියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ද ඉල්ලීමක් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස