කොටි සහ කොරෝනා වගේ ම මත්කුඩු ජාවාරම සහ පාතාළයත් රටෙන් තුරන් කරනවා! – හමුදාපති

September 13, 2020 at 11:19 am | by emanisa.lk

කොටි ත්‍රස්තවාදය සහ කොරෝනා වසංගතය පරාජය කළා සේ ම මෙරට මත්කුඩු ජාවාරම සහ පාතාළය යුද හමුදාව පොලිසියේ ද සහාය ඇතිව සම්පූර්ණයෙන්ම රටෙන් තුරන් කරන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා පවසයි.

යුද හමුදාවේ විශේෂ බලකා විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පැවති මෙම උත්සවයේ දී යුද හමුදාවේ විශේෂ බලකායට අයත් පනස් වැනි පාඨමාලාවේ විසිර යෑම සිදුවිය.

යුද හමුදාපතිවරයා විසින් විශේෂ දක්ෂතා සහිත හමුදා කණ්ඩායමට නිල ලාංඡන පැළඳවීම ද එහි දී සිදු විය.

මෙම අවස්ථාවේදී යුද හමුදාපතිවරයා අවධාරණය කළේ නැවත මෙරට පාස්කු ප්‍රහාරය මෙන් ප්‍රහාර ඇති වීමට කිසිසේත් ඉඩ නොතබන බවටය.

යුද හමුදාවේ විශේෂ බලකාය වෙත නව නිල ඇඳුමක් මෙදින හඳුන්වා දීම ද විශේෂත්වයක් වූ අතර යුද හමුදාපතිවරයා ඇතුළු වූ විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අද දිනයේදී මුල් වරට එම හඳුන්වා දුන් නිල ඇඳුම හැඳ සිටීම ද විශේෂත්වයකි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ හමුදාපතිවරයා කියා සිටියේ ලෝකයේ විශිෂ්ටම යුද හමුදාවක් සිටින අවස්ථාවක දක්ෂයන් ලෙස හඳුනාගෙන ඇති විශේෂ බලකායේ සෙබළ පිරිස සඳහා මෙම විශේෂ නිල ඇඳුම හඳුන්වාදීම තමාට ආඩම්බරයක් සහ අභිමානයක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස