රාජපක්ෂලා හම්බන්තොට වරාය බේරගන්න ඇවිත් කෙරවළපිටිය ඇමරිකාවට විකුන්නා…!

September 12, 2021 at 4:34 pm | by emanisa.lk

ආණ්ඩුව කෙරවළිපිටිය බලාගාරය සහ ගෑස් සපයන නළ පද්ධතිය මෙන් ම ගෑස් ගබඩා කරන ටර්මිනල් පද්ධතිය ඇමරිකානු සමාගමකට පැවරීමට කටයුතු කරමින් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මෙයට පෙර කොළඹ වරායේ අක්කර 13ක් චීන සමාගමකට පවරා දීමට ද ආණ්ඩුව කටයුතු කළ බවත් එහි නායක අනුර දිසානායක පෙන්වා දෙයි.

මෙම ගනුදෙනුවලින් උපයා ගන්නා කළු සල්ලි සුදු කර ගැනීම සඳහා ද ආණ්ඩුව පසුගියදා පනතක් සම්මත කරගත් බව ඔහු සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ යහපාලන ආණ්ඩුව විකුණා දැමූ හම්බන්තොට වරාය නැවත පවරා ගන්නා බව කියමින් ජාතික සම්පත් අනාගත පරපුර උදෙසා රැකගත යුතුය සිතන ජනමතය අඩු මිලට මිල දී ගෙන බව ද අනුර දිසානායක අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස