කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හරි සජිත් ගේනවා! එජාපයෙන් නොදුන්නොත් වෙන පක්ෂයකින් සජිත් ගේනවා! – දිලිප් වෙදආරච්චි

August 14, 2019 at 10:55 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් සජිත් ප්‍රේමදාස වෙනත් පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව සජිත් ප්‍රේමදාසගේ සමීපතමයෙකු වන අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසයි.

කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හෝ කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හෝ සජිත් ප්‍රේමදාස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවයි ඔහු අවධාරණය කර තිබේ.

සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලබාදෙන ලෙසත් මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් තමන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස