අගමැති මහින්ද මෙවරත් කුරුණෑගලින්! නාමයෝජනා අත්සන් තබයි!

March 11, 2020 at 12:42 pm | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණය සඳහා  කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (11)  නාම යෝජනා පත්  අත්සන් කර තිබේ.

කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිවසේදී අග්‍රමාත්‍යවරයා  මෙලෙස නාම යෝජනා අත්සන් කළ බව අගමැති කාර්යාලය නිවේදන කරයි.

අගමැතිවරයා 2015 මහ මැතිවරණයට ද කුරුණෑගලින් තරඟ වැදුණු අතර මෙවර ද විවිධ දිස්ත්‍රික්කවලින් තරඟ වදින ලෙස ආරාධනා ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස