කුඩු ඇල්ලූ පොලිසියත් කුඩු ගහන්න ඇබ්බැහි වෙයි…! බස්නාහිර පොලිස් නිලධාරීන් 37ක් කුඩුකාරයෝ…!

November 1, 2021 at 9:06 am | by emanisa.lk

මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් 37 දෙනෙක් බස්නාහිර පළාත තුළ සක‍්‍රීය රාජකාරියේ යෙදී සිටින බව පොලිස් මූලස්ථානය කළ සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත.

මෙම නිලධාරීන් අතරින් විසි අට දෙනකුම (28) කොළඹ පොලිස් බල ප‍්‍රදේශය තුළ රාජකාරි කරන බව ද හෙළි වී තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පවසන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ සියලු පොලිස් නිලධාරීන් මේ වන විට හඳුනා ගෙන සිටින බවත් ඔවුන් විද්‍යාත්මක පරීක්‍ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව පුනරුත්ථාපනය සඳහා යොමු කරන බවත්ය.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ රාජකාරි කිරීම බලවත් ප‍්‍රශ්නයක් බවත් එම නිලධාරීන් හැකි ඉක්මනින් හඳුනාගෙන ඔවුන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

මේ ආකාරයට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින සෙසු පළාත්වල පොලිස් නිලධාරීන් සෙවීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *