කිරින්දේ දී ඇමැති විමල්ට හූ සංග්‍රහයක්….! අපේ ඛනිජ නිධිය ඉන්දියාවට දෙන්නැයි විරෝධතා …!

March 27, 2021 at 11:01 pm | by emanisa.lk

කිරින්ද වෙරළ තීරයේ ඇති ගානට් සහ ඉල්මනයිට් ඛනිජ සම්පත් ලබාගැනීමේ ව්‍යාපෘතිය රජය යටතේ ක්‍රියාත්මක කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ කළ යෝජනාවකට කිරින්ද ප්‍රදේශයේ පිරිසක් දැඩි විරෝධයක් පළ කර තිබේ.

තිස්සමහාරම, කිරින්ද වෙරළ තීරයේ ඇති ගානට් සහ ඉල්මනයිට් අඩංගු වැලි විශේෂ රජයට ලබාගැනීම වෙනුවෙන් ජනතාව දැනුම්වත් කිරීමේ හමුවක් කිරින්ද ප්‍රජා ශාලාවේ දී අද (27) පැවැති අතර එහි දී මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබේ.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ – චමල් රාජපක්ෂ ඇමතිතුමා, නාමල් රාජපක්ෂ ඇමතිතුමා යන දෙපළ විශේෂ ඉල්ලීමක් කළා. ප්‍රදේශයේ ජනතාවගේ යම් යම් නොසන්සුන්තාවක් තියෙනවා, ඒ ජනතාව සමග සාකච්ඡා කරලා මේක කරනවා නම් හොඳයි කියලා. අපි දෙගොල්ලෝම මේ සාකච්ඡාවෙදි සෑහීමකට පත්වෙනවා නම් අපි මේ කටයුතු ඉදිරියට ගෙනියමු.

ප්‍රදේශවාසීන් – සමිතියෙන් කරගෙන යන්න ද මේ අවස්ථාව දෙන්නෙ.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ – සේවකයෝ සමිතිය වුණත් එකයි. ගමේ මිනිස්සු එකතු වුණත් එකයි. ඒක අපිට ප්‍රශ්නයක් නෑ.

ප්‍රදේශවාසීන් – ඉන්දියන් සමාගමක් එක්ක අපි පොඩි ගිවිසුමකට ඇවිත් තියෙනවා. ඒ ගිවිසුමෙදී ඉන්දියන් සමාගම අපිට කියනවා දවසකට වැඩ කළොත් වරුවක් වැඩ කළොත් 4000ක් අපිට දෙනවා කියලා. එතකොට අපි මේ වැලි ගන්න යන්නේ මෙතන ඉඳලා කිලෝමීටර් 3ක් ඈත කැළෑ ප්‍රදේශයක. ඒ ඉන්දියන් සමාගමත් එක්ක අපිට මේ වැඩේ කරන්න අවසර දෙනවා නම් සියලු ම දෙනාට ස්තූතිවන්ත වෙනවා.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ – දැන් මට කියන්නෙත් ඒ සමාගම වගේ ඔබතුමන්ලාව අන්දන්න කියල ද? ඕවා වචන නේ. තියෙන ගිවිසුම නීත්‍යානුකූලව වලංගු ද? පිටරට ඉන්න අයට මේක හූරගෙන කන්න දෙන එක නෙමෙයි අපේ යුතුකම. මෙච්ච දේවල් දෙනවා කියන්නේ ඇයි? මේක වටින නිසා.

එම අවස්ථාවට පැමිණි සිටි පිරිසක් ඇමතිවරයාගේ ඉල්ලීමට විරෝධය පළ කරන්නට පියවරගෙන තිබුණි. ඒ අනුව අමාත්‍ය විමල් වීරවංශ එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ දැඩි විරෝධයක් එල්ල විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *