කැරලි මැඩ පවත්වන්න මර්දනය මිස ක්‍රමයක් නෑ…! – නාමල්….

August 6, 2022 at 8:34 am | by emanisa.lk

අරගලකරුවන්ගේ ඉල්ලීම පරිදි ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් වූ බවත් දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් නාමල් රාජපක්ෂ පවසයි.

පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයා පවසන්නේ කැරැල්ලක් නිර්මාණය කළහොත් එය මැඩලිය හැක්කේ මර්දනයෙන් පමණක් බවයි.

ආණ්ඩුවේ වගකීම නීතිය හා සාමය ආරක්ෂා කරමින් මේ රටේ සෑම පුරවැසියෙකුට ම නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම බවට හෙතෙම අවධාරණය කළේය.

අරගලය යනු සුළු ප්‍රශ්නයක් බවත් දේශපාලකයින් මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතු බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *