ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවක දී වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ ආණ්ඩුවේ කාබනික පොහොර ව්‍යාපෘතිය දැඩිව විවේචනය කළේය.
මාධ්‍ය හමුවට පෙර වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම්වරයාට උපදෙස් දෙමින් එහි සභාපති අනුරුද්ධ පාදෙණිය සඳහන් කළේ කාබනික පොහොර ව්‍යාපෘතිය හෙට කළ යුතු යැයි තමන් නොකී බව ප්‍රකාශ කරන ලෙසය.
ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වෛද්‍යවරයෙකු ලෙස ඔහු එසේ සඳහන් කළ ද ඒ සඳහා ලබා දුන් සැලසුම ආණ්ඩුව භාර නොගත් බවත් ප්‍රකාශ කරන ලෙස ද පාදෙණිය එහි ලේකම් කපිල පෙරේරාට දැනුම් දුන්නේ ය.
කෙසේ වුව ද ඒ වන විටත් සංවාදය පටිගත වෙමින් තිබූ අතර එම සාකච්ඡාව ද හෙළිවිය.