ආනයනිත පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර ගොවිතැනට ඉතා ම සුදුසුයි…! – කෘෂිකර්ම අධ්‍යක්ෂ…

October 16, 2021 at 7:33 am | by emanisa.lk

ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර ගොවිතැන සඳහා ඉතාම සුදුසු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා තහවුරු කරයි.

මෙවර මහ කන්නය සඳහා ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර පිරිසිදු ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව ද හෙතෙම කියා සිටී.

ලිතුවේනියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබූ මෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවකින් යුත් මෙම පොහොර නුසුදුසු බවට සමාජ මාධ්‍යවල පළවන තොරතුරු වැරදි යැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

මේ සම්බන්ධයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ පාංශු හා කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය හා තිරසර කෘෂිකර්මය සඳහා වූ අමාත්‍යාංශ කමිටුවේ සභාපති මහාචාර්ය වී.අයි. යාපා පෙන්වා දෙන්නේ ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙරට එප්පාවල පොස්පේට් පොහොර මෙන් මහ පොළොවේ ඛනිජ සම්පත්වලින් නිෂ්පාදනය කරන ලද්දක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *