කාංචන-ජනක ගැටුම උග්‍ර වෙයි…! කාංචන නඩු මගට…!

September 26, 2022 at 7:38 pm | by emanisa.lk

අසත්‍ය චෝදනා එල්ල කළ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ සභාපතිවරයා එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආනයනය කරන බොරතෙල් නිසි ප්‍රමිතියෙන් තොර බවයි.

ප්‍රමිතියෙන් තොර තෙල් පිරිපහදු කර ලබාදෙන දැවිතෙල් විදුලි නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කළ නොහැකි බවට ද ඔහු චෝදනා කර තිබිණි.

බොරතලේ නිසි ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ඒවා ආනයනය කළ පුද්ගලයින්ට බොන්න සිදුවන බවද ජනක රත්නායක පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *