තෙල් තව රු. 100ක් අඩුවට දෙන්නම්…! වැඩේ මට භාර දෙන්න..! – ජනක රත්නායක…

July 19, 2022 at 11:19 am | by emanisa.lk

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ආනයනය සඳහා ගෙවන සත්‍ය මිල ගණන් අනුව ඉන්ධන ලීටරයක දේශීය මිල අඩුම වශයෙන් රුපියල් 100 කින් පමණ පහළ දැමිය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.

ඉන්ධන නියාමනය කිරීමේ ක්‍රමවේදය විධිමත්ව සිදුකර ගෙන යාමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට භාරදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටියේය.

වත්මන් ලෝක වෙළෙඳපොළ මිල ගණන් අනුව පෙරේදා (17 ) රාත්‍රියේ මෙරට ඉන්ධන මිල රුපියල් විස්සකින් සහ දහයකින් පහළ දැමීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් සාධාරණ වියදම් මත පදනම් වූ කාටත් දැනගත හැකි සරල ක්‍රමයකට ඉන්ධන මිල තිරණය කළ යුතු බවත් ඊයේ (18) මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී සභාපතිවරයා අවධාරණය කළේය.

නිසි ඉන්ධන මිල සුත්‍රයක් නොමැති වීමෙන් විදුලිය නිපදචීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අනවශ්‍ය වියදමක් දැරීමට සිදුවන නිසා පාරදෘශ්‍ය මිල සුත්‍රයක් ක්‍රියාවට නගන්නැයි ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා සිටි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *