විදුලි කප්පාදුව දීර්ඝ වෙයි…! දිවා රාත්‍රි පැය 4.30ක් විදුලිය නෑ…!

February 22, 2022 at 9:15 pm | by emanisa.lk

හෙට (23) දින A, B, C යන කලාප සඳහා පැය 04.40 කුත් සෙසු කලාප සඳහා පැය 04.30 කුත් වශයෙන් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඒ අනුව උදෑසන 08.30 – රාත්‍රී 10.30 අතර කාලය තුළ මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන බවයි, සභාපතිවරයා සඳහන් කළේ.

එහි දී උදේ වරුවේ පැය 02.00 ක් සහ සෙසු කාල සීමාව රාත්‍රී කාලයෙහිදීත් වශයෙන් මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස