අවුරුද්ද අන්තිමේ පැය 12ක් විදුලිය කපන්න වෙනවා…! – ජනක රත්නායක…

July 31, 2022 at 12:17 pm | by emanisa.lk

මේ වසර අවසානයේ දවසින් බාගයක් විදුලිය කප්පාදු කිරීමේ අවධානමක් ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

සභාපතිවරයා පවසන්නේ, නොරොච්චෝලේ බලාගාරයේ විදුලිය ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ලබන සැප්තැම්බර්වලින් පසුව නොලැබුණහොත් මෙම ඉරණමට මුහුණ දීමට සිදුවන බවයි.

සැප්තැම්බර් මාසය දක්වා දැනට ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ක් ඇති අතර සැප්තැම්බැර්වලින් සිට මාර්තු දක්වා මෙට්‍රික් ටොන් ලක්ෂ 25 ක් අවශ්‍ය වෙයි.

ඒ සඳහා ඩොලර් මිලියන 800 ක් වැය වන නිසා පවතින මුල්‍ය අර්බුදය හමුවේ එය මිල දී ගැනීමට නොහැකි වුවහොත් විශාල විදුලි අර්බුදයක් ඇතිවන බව හෙතෙම සඳහන් කළේය.

ගල්අඟුරු මිලට ගැනීම සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවා තිබේ. පවතින විදුලි අර්බුදයට නොරොච්චෝල බලාගාරයේ මෙගා වොට් 900 විශාල බලපෑමක් කරන මොහොතක එය අහිමි වුවහොත් බරපතල විදුලි අර්බුදයක් ඇතිවෙන බව ඔහු වැඩිදුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *